මහනුවර ශ්‍රී දළදා මාළිගාවට අයත් ඉඩම් නිරවුල් කර එම ඉඩම් ඉතාමත් ඉක්මනින්ම මාළිගාවට පැවැරීමට කටයුතු කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. ඌව වෙල්ලස්ස සටනේදී බ්‍රිතාන්‍යය විසින් රාජ ද්‍රෝහීන් ලෙස නම්කළ විරුවන් ජාතික වීරයන් ලෙස ප්‍රකාශ කිරීමේ උත්සවයට මහනුවරදී අද (01දා) එක්වෙමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනපතිවරයා "දළදා මාළිගා පිංබිම සමග තිබෙන ඉඩම්වල නිරවුල් කිරීමේ ප්‍රශ්නයක් තිබෙන බව මම දැනගෙන සිටියේ නෑ. ඒ ඉඩම් ඔප්පු නිරවුල් කර ඒවා පුණ්‍ය භූමියට පැවැරීමේ කටයුතු සිදුකරනවා."
එසේම බෝගම්බර බන්ධනාගාරය සංවර්ධනය කිරීමේදී උඩරට සංස්කෘතිය රැකෙන පරිදි එය සිදුකිරීමට අගමැතිවරයාට හා අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දෙන බවද ජනපතිවරයා සඳහන් කළේය.
දැනට අහෝසි කර ඇති උඩරට ගැමි පුනරුත්තාපන කොමිසම නැවතත්ත් සක්‍රීය කිරීමට අමාත්‍ය මණ්ඩලයට තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බවත් එම ආයතනය අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ අමාත්‍යාංශය යටතේ සක්‍රීය කරන බවත් ජනපතිවරයා මෙහිදී පැවැසීය.