දළදා මාලිගාවේ තිබූ බුදු පිළිම හතරක් හා පිත්තල කොතක් එහි සේවකයෙකු විසින් සොරකම් කරගෙන ගොස් මැණික්හින්න ප්රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුට අලෙවි කිරීමෙන් අනතුරුව ඔහු එය තවත් පුද්ගලයෙකුට අලෙවි කිරීමට සැරසෙද්දී කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බුදුපිළිම හතර හා කොත පිත්තලෙන් නිමවා ඇති අතර, එහි අඩියක් පමණ උස සමාධි බුදුපිළිමයක්ද ඇති බවත්, එය කිලෝ විස්සක් පමණ බරකින් යුතු බවත් පොලීසිය කියයි. එම බුදු පිළිම හා වෛත්යයේ අනුරුව දළදා මාලිගාවේ සේවය කරනු ලබන පුද්ගලයෙකු විසින් තමන්ට අලෙවිකළ බවට ප්රශ්න කිරීම් වලදී මුස්ලිම් ජාතිකයා පවසා තිබේ.
මැණික්හින්න ප්රදේශයට කටුගස්තොට පොලීසිය ගොස් උපාය දූතයන් යොදවා එය මිලදී ගන්නා මුවාවෙන් බුදුපිළිම සොයාගෙන ඇති අතර, එම බුදුපිළිම වෙළඳ සැලක් තුළ ගෝනියක දමා බැද තිබූ බවද පොලීසිය කියයි. සහකාර පොලිස් අධිකාරී එස්.බී. රත්නායක මහතාගේ මෙහෙය වීම මත විමර්ශන කටයුතු සිදුකෙරේ.