ඓතිහාසික දළදා පෙරහරේ අවසන් මහා රන්දෝළි පෙරහර අද දිනයේ වීදී සංවාරය කිරීමට නියමිතය. කප් සිටුවීමේ සිට පුරා දින පහළොවක් පමණ පැවැත්වු ඇසල පෙරහර මංගල්‍ය නිමාවනුයේ දිය කැපීමෙන් අනතුරුව පවත්වනු ලබන දහල් පෙරහරිනි. හෙට(30) දිනයේ දහවල් පෙරහර පැවැත්වේ.
අද(29) දින රාත්‍රියේ යෙදෙන සුබ මෙහොතින් පෙරහර වීදී සංචාරය කරන අතර විශාල ජනකායක් මෙවර පෙරහර නැරඹීමට මහනුවරට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුවන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග මහතා පැවසීය.
මෙවර දළදා පෙරහර සඳහා ආසන පැනවීමක් සිදුනොකරක අතර මහජනතාවට රිසිසේ පෙරහර නැරඹීමට හැකි බවත් නුවරට පැමිණෙන සැම වීනීතව දළදා පෙරහරේ මංගල්‍ය සමඟ එක්වන ලෙසත් දියවන නිළමේවරයා පැවසීය.