මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණි මෙහෙණින් වහන්සේ නමකට ඒ ආසන්නයේ පිහිටි හෝටලයකින් 'ක්ලැසික් සිලෝන්' පෙන්වීමේ අපුරු පුවතක් වාර්තා වේ.
මෙම මෙහෙණින් වහන්සේ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව ඒ ආසන්නයේම ඇති ඉපැරණි අධිරාජ්‍යයෙකු නමින් පවත්වාගෙන යන හෝටලයකට ගොඩවී ඇත්තේ තම විඩාව සංසිඳවා ගැනීම සඳහා තේ කෝප්පයක් පානය කිරීමේ අරමුණෙනි.
තේ කෝප්පය වැළඳීමෙන් අනතුරුව ලැබුණු බිලෙහි තේ කෝප්පයේ මිල වශයෙන් රුපියල් 180 ක් සඳහන් වූ අතර, එයට සේවා ගාස්තු වශයෙන් රුපියල් 09 ක්ද එකතුව තිබී ඇත.
මෙම රුපියල් 189 යේ කෝප්පය පිළිබඳව පාරිභෝගික අධිකාරියට පැමිණිලි කිරීමට බිල පරීක්ෂා කිරීමේදී එහි තේ කෝප්පයක් පිළිබඳව සඳහන්ව තිබී නොමැත. එහි සඳහන් තිබී ඇත්තේ 'ක්ලැසික් සිලෝන් රුපියල් 180 + සේවාගාස්තු' යනුවෙනි.
මෙයද අපූරු ගසාකෑමක් බව එම මෙහෙණින් වහන්සේ 'අද'^ සමග පැවසූහ.