ගෙවී ගිය වසර 20 ක කාලය තුළදී එවකට පැවැති රජයන් යටතේ එක්සත් ජාතික පාක්ෂිකයෙකු වීම නිසා සිදුවූ අසාධාරණයන්ට සාධාරණයක් සිදුකිරීම සඳහා ලබන සතියේදී එක්සත් ජාතික පක්ෂය විසින් කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
1994 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකුවීම නිසා අසාධාරණයන්ට ලක්වු පිරිස් පිළිබඳව තොරතුරු එක් රැස් කිරීමට සිරිකොත මූලස්ථානයේ පිහිටු වූ විශේෂ ඒකකයකට මේ වනවිට පැමිණිලි 30,000 ක් ලැබී තිබෙන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
ඒ අතර විවිධ හිරිහැරවලට ලක්වීම, රැකියා අහිමි වීම්, ප්රහාරයන්ට ලක්වීම, දේපළ ජීවිත අහිමි වීම, අසාධාරණ ස්ථාන මාරුවීම් ලබදීම ඇතුළු ක්රියාවන් රැසක් පිළිබඳ තොරතුරු ඇතුළත්ව ඇති බවද පැවසේ.