අපවත් වි වදාළ ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා නායක දවුල්දෙන ඤාණිස්සර හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (06දා) නිදහස් චතුරස්රයේදි පැවැත්වීමට නියමිතය.
එම ආදාහන පූජෝත්සවය හේතුවෙන් නිදහස් චතුරස්‍රය හා විද්‍යා විජය ආරාමයේ සිට ශ්‍රී දේහය රැගෙන මාර්ගයේද වාහන ගමනය සීමා කරන බව පොලීසිය පවසයි.