කෝටිපතිව්යාපාරිකයෙකුගේ 15 හැවිරිදි දරුවෙකු විසින් ධාවනය කොට,වජිර පාරේදී පෙරළී ගිය සුපිරි බෙන්ස් රථයට අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගත් ඉදිරි ක්රියාමාර්ග මොනවාදැයි සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විමසයි.
බම්බලපිටිය පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් ඔමුන් පවසන්නේ සිද්ධිය පිළිබඳ පවරා ඇති නඩු අංකය, නඩු පැවරූ දිනය, අධිකරණයෙන්සිද්ධිය සම්බන්ධව ළමයාට එල්ලවූ චෝදනා පිළිබඳ ලිඛිතව දන්වන ලෙසයි.
තොරතුරු දැනගැනීමේ පනත අනුව ඔවුන් මෙම තොරතුරු ඉල්ලා සිටින අතර, එහි පිටපතක් පොලිස්පතිවරයාටද යොමුකර තිබේ.