මතුව ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත් සහ අවතැන් වූ පාසල් දරුවන්ට සහන සැලසීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත විශේෂ ආපදා සහන මෙහෙයුම් මැදිරියක් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයෙහි පිහිටුවා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ද්‍රව්‍යමය ආධාර ලබාදීමට කැමති ඕනෑම අයෙකුට පහත සඳහන් දූරකතන අංකවලට අමතා වැඩිදුර විස්තර දැනගැනීමට හැකි අතර පැලවත්ත, ඉසුරුපායේ, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයෙහි පිහිටා ඇති මෙම මෙහෙයුම් මැදිරියට පැමිණ තම ආධාර ලබාදීමට ද හැකිය.
මෙම මෙහෙයුම් මැදිරිය දවසේ පැය විසිහතර තුළම විවෘතව තැබෙන අතර තමන් ආකාරයෙන් සියලුදෙනාට මේ සඳහා දායක විය හැකි ය.
රටේ දරුවන්ගේ ජීවිත සුවපත් කිරිම වෙනුවෙන් ඔබට හැකි උපරිමයෙන් දායක වන මෙන් පරිත්‍යාගශීලී සියලු දෙනාගෙන් අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටි.
දූරකතන අංකය - 0112786384
0712365965 - සෙනරත් මයා
0718387212 - රොහාන් මයා