මෙරට දරුවන්ගේ රැකවරණය සහ ආරක්ෂාව තහවුරු කිරීමට ඇවැසි තොරතුරු මාර්ගෝපදේශන මෙන්ම දත්ත අඩංගු වෙබ් අඩවියක් ජාතික ළමාරක්ෂක අධිකාරිය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව සකස් කරමින් පවතී.
විශේෂයෙන්ම දරුවන්, දෙමවුපියන් සහ ගුරුවරුන් යන ත්රෛපාර්ශ්වයටම අනෝන්‍යය වශයෙන් වැදගත් තොරතුරු මෙම වෙබ් අඩවිය පරිශීලනය කිරීමෙන් දැනුම්වත් වීමට හැකි වන බව නියෝජිතායතනය පවසයි.
වර්තමාන සමාජයේ බහුලව පවතින ළමා අපයෝජන සහ ළමා අපචාරයන්ට දරුවන් ගොදුරුවීම වළක්වාගත හැකි පූර්ව ආරක්ෂක ක්‍රියාදාම මෙන්ම, උපක්‍රම පිළිබඳව දරුවන්, දෙමවුපියන් මෙන්ම ගුරුවරුන් දැනුම්වත් කිරීම පිළිබඳව මෙම වෙබ් අඩවිය මගින් වැඩි අවධානයක් යොමුකර තිබේ.