මෙරට දරු පරපුර සමාජය තුළ පැතිර යන විවිධ ව්‍යසනයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රජයක් ලෙස පුළුල් අවධානයකින් කටයුතු කරන අතර, ඒ උදෙසා සියලු පාර්ශ්වයන් කොන්දේසි විරහිතව සිය දායකත්වය ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (18දා) කිළිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවති දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ කිළිනොච්චි දිස්ති‍්‍රක් සමුළුව අමතමිනි.
ජාතියේ ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ගේ කායික, මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් ජනාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ ජනාධිපති කාර්යාලයේ ප්රමුඛ ව්‍යාපෘතියක් ලෙස, මෙම වැඩසටහන කි‍්‍රයාවට නංවා තිබේ.
ඉතිහාසයේ ප්‍රථම වරට අමාත්‍යාංශ 14ක්, දෙපාර්තමේන්තු 05ක්, ආයතන 06ක්, පළාත් සභා 09ක් සහ සිවිල් සහ ස්වේච්ඡා සංවිධාන ඒකාබද්ධ කරගනිමින් විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන අතර 2017 සිට 2019 දක්වා තෙවසරක සැලැස්ම සඳහා වෙන් කරන ලද මුදල රුපියල් මිලියන 5232.6කි.
මෙම උත්සව අවස්ථාවේදී කිළිනොච්චි කනගපුරම් විද්‍යාලය වෙනුවෙන් ඉදිකළ නව කී‍්‍රඩාංගණයද ජනපතිවරයා අතින් සිසු අයිතියට පත් කෙරුණු අතර එය පසුගිය වසරේ කිළිනොච්චියට පැමිණි ජනපතිවරයාගෙන් එම විද්‍යාලයේ දරුවන් කළ ඉල්ලීමකට අනුව ඉදිකර තිබේ.
එමෙන්ම යාපනය, කිළිනොච්චි හා මුලතිව් දිස්ති‍්‍රක්කවල යුද හමුදාව විසින් මෙතෙක් භාවිත කළ ඉඩම් අක්කර 120.89ක් නැවත එම ජනතාව වෙත නිදහස් කිරීමද මෙහිදී සිදුව තිබේ.