දයාසිරි, ගෝඨාභයගේ ගුණ ගයයි
“ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමා නැත්නම් අද කොළඹ නගරයක් නෑ”යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
“ජනාධිපති තුමාගේ උපදෙස් පරිදි කොළඹ සම්පූර්ණ කරලා තියෙන්නේ.එදා තිබුණු ගාල්ල, මාතර නෙමෙයි අද තියෙන්නේ. එදා හිරවුණු කොළඹ නගරයේ අද පහසුවෙන් යන්න පුළුවන්. මම ඉස්සර හවස ටොරින්ටන් වල ඇවිදිනකොට ලේකම්තුමාව හම්බෙනවා. එතුමන් නිරීක්ෂණයට ඇවිත් තියනවා. අපි බලාගෙන හිටියේ කොන්ද පණ තියන කෙනෙක් එනකම්. ලේකම්තුමනි මම ඔබතුමාගේ නායකත්වයෙන් තව අවුරුදු දෙක තුනකින් ලස්සන වයඹක් ගොඩ නගනවා”යැයි ප්‍රධාන අමාත්‍යවරයා පැවැසීය.
ඊයේ (03) කුරුණෑගලදී ආරක්ෂක ලේකම්වරයාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු කුරුණෑගල මහ නගර සභා දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ බහුකාර්ය ගොඩනැගිලි සඳහා මුල් ගල් තැබීමේ හා නාගරික සංවර්ධන නිරීක්ෂණ අවසානයේ පැවති සාකච්ඡාවේදී ඔහු මෙසේ කීවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

