ගල්කිස්ස මියන්මාර සරණාගතයින් පිරිසක් රඳවා සිටි ගොඩනැගිල්ලක් ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරීමේ සිදුවිමට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ ඒකකයට වාර්තා කරන ලෙස හිමිවරුන් දෙනමකට දන්වා ඇත.
ඒ අනුව අක්මීමන දයාරතන හිමිට හා අඹන්පොළ රතනසාර හිමිට මෙසේ කොළඹ අපරාධ ඒකකයට වාර්තා කරන ලෙස දන්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.