අභාවප්රාප්ත ප්රවීණ රංගන ශිල්පී දයා අල්විස් මහතාගේ දේහයට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය.
ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති බොරලැස්ගමුව, කටුවාවල නිවසට අද (28දා) දහවල් ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙතත්, සහෝදර කලාකරුවන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.