රජයට අයත් ඉඩමකින් අනවසරයෙන් බොරළු කැපීමේ චෝදනාව යටතේ සැකපිට ඊයේ (18දා) අත්අඩංගුවට ගෙන දඹුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතා ජුලි මස 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්රාත් සංජීව රම්ය කුමාර මහතා නියෝග කළේය.