දඹුල්ල නව රෝහල ඉදිකිරීම සඳහා රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට අයත් දඹුල්ල ජය මාවතේ පිහිටි අක්කර 05ක භූමි ප්‍රමාණයක් ලබාදීමට රංගිරි දඹුලු රජමහා විහාරයේ භාරකාර, මාතලේ මහ දිසාවේ උපප්‍රධාන සංඝනායක, අතිපූජ්‍ය අඹගස්වැවේ සිරි රාහුල නාහිමියන් තීරණය කර ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍යාංශය පවසා සිටින්නේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහනාහිමියන් අතර එම විහාරස්ථානයේ පැවැති හමුවකදී නාහිමියන් මේ බව අමාත්‍යවරයාට ප්‍රකාශ කළ බවයි.
ඒ අනුව ඉඩමේ මැනුම් කටයුතු සිදු කර රෝහල කඩිනමින් ඉදිකිරීමට කටයුතු කරන බවට අමාත්‍ය සේනාරත්න මහතා විසින් නාහිමියන්ට දැනුම් දී ඇති බවද සඳහන් වේ.
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ පවතින තදබදය සහ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව රෝහල ඉදිකිරීමට තීරණය වූ අතර,ප්‍රංශ රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 7000ක මුදලක් වැය කරමින් එය ඉදිකිරීමට නියමිතය.