දඹුල්ලේ පෞද්ගලික බැංකුවකට මුහුණු ආවරණය කර පැමිණි පුද්ගලයෙකු එහි තිබූ රුපියල් 797,000 ක මුදලක් කොල්ල කා ඇතැයි පොලීසිය කියයි.
මුහුණු ආවරණය කරගෙන පැමිණි සැකකරු අත් බෝම්බයක් පෙන්වා මුදල් කවුන්ටරයේ සිටි සේවිකාව බිය ගන්වා ඇතැයි පොලීසිය කියයි.
ඔහු බැංකුවේ සේවකයෙකුත් රැගෙන ත්රිරෝද රියකින් පළාගොස් තිබෙන අතර පසුව බැංකු සේවකයා අනුරාධපුර මාර්ගයේ දමා පළාගොස් ඇතැයි පොලීසිය පැවැසීය.