ඹුල්ල රෝහලේ ක්‍රියාත්මක වූ දරු ප්‍රසූතියෙන් පසු පැය 48ක් ඇතුළත පලඳවන ප්‍රසව ලූපය පැලඳවීම ඊයේ (08දා) සිට තාවකාලිකව අත්හිටුවන බවත්, අනෙකුත් අත්‍යාවශ්‍ය පවුල් සැලසුම් ක්‍රම රෝගියාගේ කැමැත්ත ලිඛිතව ලබාගෙන වෛද්‍ය අධිකාරීවරයාට යොමුකර අනුමැතිය ලබාගෙන පමණක් සිදුකිරීමට තීරණය කළ බවත් දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරී චාල්ස් නුගවෙල මහතා පැවසීය.
දඹුල්ල ප්‍රදේශයේ විහාරස්ථාන රැසක භික්ෂූන් වහන්සේලා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් ඊයේ (08දා) දඹුල්ල රෝහලට ගොස් වෛද්‍ය අධිකාරීවරයා ඇතුළු පිරිසක් සමග සාකච්ඡා කළහ.
එහිදී වෛද්‍ය අධිකාරීවරයා පැමිණ සිටි පිරිසට ලිඛිතව දැනුම් දුන්නේ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් දොස්තර ජයසුන්දර බණ්ඩාර මහතාගේ වාචික නියෝග මත ඉහත තීරණයට එළැඹුණු බවයි.
එමෙන්ම දැනට සිදුකරන පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමටත් පසුගිය කාලයේ දඹුල්ල රෝහලේ දරු උපත් සිදුකර පවුල් සැලසුම් ක්‍රියාවට ලක්වූ මව්වරුන්ගේ නිවෙස්වලට ගොස් බලහත්කාරයෙන් කළේද යන්න ලිඛිතව ලබාගැනීමට තීරණය කළ අතර එම කටයුතු සිදුවෙමින් පවතින බවත් හෙතෙම පවසා සිටියේය.