දඹානේ වයස්ගතම ආදිවාසී කාන්තාව වූ තලාවරිගේ රන්මැණිකා අවුරුදු 105ක් ආයු වළඳා පෙරේදා (04දා) ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් පැවසීය.
දඹානේ හිටපු ආදිවාසී නායක ඌරුවරිගේ තිසාහාමි ඇත්තන්ගේ ඥාති සොයුරියක වූ රන්මැණිකා මාතාව දරුවන් 07 දෙනෙකුගේ මවකි.
මෘත දේහය පාරම්පරික ආදිවාසී සම්ප්රදායෙන් බැහැරව මිනී පෙටිටියක තැන්පත් කර ඔවුන් ජීවත් වන දඹාන ගල්කඩදී අද (06දා) මිහිදන් කිරීමට දරුවන්ගේ අභිමතය පරිදි කටයුතු කරන බවද ආදිවාසී නායකයා පැවසීය.