නිවැරදි දේශපාලන නායකත්වයක් නොමැතිව අසරණ වී සිටින, උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පිටත ජීවත්වන ලක්ෂ 15 ක් පමණ වන දෙමළ ජනතාවට අද සිට නායකත්වය ලබාදෙන බව දමිළ ප්රගතිශීලී සන්ධානය සඳහන් කරයි.
කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ සහ ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ එක්ව සකස් කළ දමිළ ප්රගතිශීලී සන්ධානයේ පළමු මාධ්‍ය සාකච්ඡාව ඊයේ (03) පැවැත්විණි.
එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ, උතුරු නැගෙනහිර පමණක් නොව නුවරඑළිය, නුවර, බදුල්ල, ගම්පහ, කළුතර, රත්නපුර, කෑගල්ල, මාතලේ, පුත්තලම දිස්ත්‍රික්කවලත් දෙමළ ජනතාව ජීවත්වන බවයි. මෙලෙස ජීවත්වන මධ්‍යම කඳුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවට දෙමළ පක්ෂ සඳහන් කළත්, ඔවුන් පසුගිය කාලයේම සිදුකළේ කඳුකර ජනතාව රැවටීම පමණක් බවද ඒ මහතා සඳහන් කළේය.
තම පක්ෂ තුන සන්ධානගත වී කටයුතු කිරීමට සැලසුම් කළේ මෙම සියලුම ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට බවත්, මේ නිසා සන්ධානය උතුරු නැගෙනහිරින් පිටතට ජීවත්වන දෙමළ ජනතාවට නායකත්වය ලබාදෙනවා සේම උතුරු නැගෙනහිර ප්‍ර‘දේශවල ජීවත්වන දෙමළ ජනතාවගේ ගැටලුද විසඳීමට කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය.
මෙම ගැටලු විසඳා ගැනීමට කටයුතු කරන්නේ නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ සිංහල, මුස්ලිම් ජනතාවගේත් සහයෝගය ලබාගෙන බවද හෙතෙම සඳහන් කළේය.
මෙම අවස්ථාවට කම්කරු ජාතික පෙරමුණේ නායක වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පී. තිගම්බරන්, කඳුරට ජාතික පෙරමුණේ දේශපාලන අංශ නායක අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන්, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මනෝගනේෂන් මහතා ඇතුළු එම පක්ෂ තුනේ නියෝජිතයෝ සහභාගී වූහ.
ඡායාරූපය ක්‍රිශාන් රණසිංහ