ශ්‍රී ලාංකික දමිළ ජනතාව වෙනුවෙන් නීතියේ සාධාරණත්වය ඉල්ලමින් එළඹෙන 26 වැනිදා ලොවපුරාම උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු කරන බව එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහලේකම් වයිකෝ සඳහන් කරයි.
එසේම භාරතීය ජනතා පක්ෂය ඉන්දියාවේ බලයට පත්වුවහොත් ශ්‍රී ලංකා හමුදාවට ඉන්දියාව තුළදී හමුදා පුහුණුව ලබානොදෙන බව එම පක්ෂයේ අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි පැවසූ බවද වයිකෝ පවසයි.
වයිකේ උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත් සේවය සඳහන් කළේ, මෝඩි හා වයිකෝ අතර චෙන්නායි නුවරදී පැවැති හමුවකදී තමන්ට මේ පිළිබඳව තහවුරුවක් මෝඩි විසින් ලබාදුන් බවයි.