දමන ප්රාදේශීය සභාවේ සේවය කරන කළමනාකරණ සහකාරවරියකට පහරදීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගත් දමන ප්රාදේශීය සභාවේ සභාපතිවරයා එළඹෙන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.
දමන ප්රාදේශීය සභාපති මංගල මහින්ද ගුණවර්ධන (සන්ධාන) මහතා ඊයේ (05දා) පෙලිස් අත්අඩංගුවට ගත් අතර, අද (06දා) අම්පාර අතිරේක මහේස්ත්රාත් ස්ටේලා පිංකි මෙනවිය විසින් සැකකාර ප්රාදේශීය සභා සභාපතිවරයා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.