වෙසක් උත්සවය වෙනුවෙන් දන්සල් පැවැත්වීමේදී බෞද්ධ කොඩිය වෙනුවට කහ පාට කොඩිය භාවිතයට ගැනීමට පියවර ගන්නා මෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම දන්සල් පැවැත්වීමේදී සහ ඒ සඳහා ආධාර එකතු කිරීමේදී අදාළ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා හා අදාළ ග්‍රාම නිලධාරීන්ගේ දැනුම්වත් වීම මත කටයුතු කළ යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.
එමෙන්ම සැදැහැ සිතින් යුතුව සියලුම ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවත්, ඝෝෂාකාරී සංගීත වාදන හා භයානක දර්ශන සහිත මනස ව්‍යාකූල තත්ත්වයට පත්වන වැඩසටහන් නොපැවැත්වීමට කටයුතු කරන මෙන්ද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටී.