ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂයක් වන දන්කුඩපෙතියා (Dawkinsia srilankensis) මසුන් අභිජනනය කර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් දෙහිවල සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.
දන්කුඩපෙතියා නකල්ස් කඳුකරයේ නැගෙනහිර බෑවුම් තුළ සීමිත ව්‍යාප්තියක් පෙන්වයි. රතු දත්ත වාර්තාවලට අනුව මෙම මසුන් අතිශය වඳවීමේ තර්ජනයට ලක්වූ විශේෂයක් ලෙස හඳුනාගෙන ඇත.