චංචා හා දූෂණවලට සම්බන්ධ පුද්ගලයන් සඳහා දඬුවම් ලබාදීමට ඉදිරියට පැමිණෙන බවත්, වරාය අධිකාරියේ ව්‍යාපෘති 09ක දූෂණ හා චංචාගැන පැමිණිලි ඉදිරිපත් කළ බවත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ප්‍රකාශ කළාය.
වරාය අධිකාරියේ සිදුවූ බව කියන වංචා, දූෂණ කිහිපයක් පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරපත් කිරීමට අද (22දා) පැමිණෙමින් ඇය මෙම අදහස් දැක්වීය.
“පසුගිය අවුරුදු කිහිපය තුළදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපතිතුමා ඇතුළු සමහර උදවිය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කරලා තියෙන දූෂණ, වංචා ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න ආවා.
ව්‍යාපෘති 09ක් පිළිබඳව පැමිණිලි කළා. ඒ ව්‍යාපෘති නවයම කිසිම විදියක ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමයි කරලා තියෙන්නෙ. තමන්ගේ හිතමිත්‍රාදීන්ට දීලා ඇස්තමේන්තු කරපු මුදලටත් වඩා වැඩිගණනකට තමයි කරලා තියෙන්නෙ. විශාල වශයෙන් දූෂණ, වංචාකරලා තියෙනවා.මේවා දැනට ඉන්න ඇමතිතුමාට දීලා ඒ උදවියට දඬුවම් දෙන්න අපි ඉදිරියට එනවා” ඇය කියා සිටියාය.