ගාල්ල දඩල්ලේ මහමුදලි මාවතේ තරුණියක අද (03දා) අලුයම තියුණු ආයුධයකින් කපා කොටා මරාදමා තිබේ.
එස්.ජී.සඳමාලි (24) මෙලෙස ඝාතනයට ලක්ව ඇත. මරණකාරියගේ මව සී.එම්.සීලවතී (48) සහ සොහොයුරා එස්.ජී.සමිත් (25) තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටිති.
ඝාතනය සිදුකැර ඇත්තේ අසල් වැසි නිවසක පදිංචිව සිටි මාමා කෙනකු විසින් බවත් ඔහු ගිංතොට පාලම මතදී දුම්රියට පැන සියදිවි නසා ගෙන ඇති බවටත් පොලීසිය සැකකරයි. ගාල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සිරංගිකා ලොකුකරවිට - ජිනේෂ් නානායක්කාර