රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ජිනසිරි දඩල්ලගේ මහතා තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයට මාරුකර යවා තිබේ.
මේ පිළිබඳව කළ විමසීමකදී දඩල්ලගේ මහතා සඳහන් කළේ, හේතුවක් නොමැතිව මෙම මාරුකිරීම සිදුකර තිබෙන බවයි. එබැවින් නව තනතුර බාර නොගන්නා බව ඔහු පවසා සිටියේය.