පොලිස් නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයන් දෙදෙනෙකු යොදා සකස් කර ඇති සොයාමීට් වර්ගයක් සඳහා වන දැන්වීමක් ප්‍රදර්ශනය කිරිම තාවකාලිකව අත්හිටුවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
‘දඩයම් බට්ටා’ ලෙස නම්කර ඇති මෙම වෙළද දැන්වීමට එරෙහිව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගියදා (02දා) කොළඹ කොටුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ පොලිස් දෙපාර්තමේනතුවේ අනුමැතියකින් තොරව පොලිස් නිල ඇදුමින් සැරසුණු පුද්ගලයින් දෙදෙනෙකු යොදගෙන පොලිස් නිල ඇඳුම අවභාවිත කර ඇති බවයි.