මීමීන්නන් දඩයම ඇතුළු වැරදි කිහිපයක් පිළිගත් හම්බන්තොට ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුරුපියල් 85,000ක දඩ මුදලක් මත නිදහස් කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංගල කරුණාරත්න මහතා නියෝග කළේය.
ගොන්නොරුව ප්‍රදේශයේ දඩයමේ යමින් සිටියදී හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් හා හම්බන්තොට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එක්ව 2014 ජූලි මස 27වැනිදා මෙම සැකකරුඅත්අඩංගුවට ගෙන හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහි නඩු විභාගය සඳහාඔහු ඊයේ (25දා) යලි අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
අදාළ සැකකරුට එරෙහිව දම්බල් බැරල් වර්ගයේ ගිනිඅවියක් ළඟ තබාගැනීම, වෙඩි තබා මීමින්නන් හය (06) දෙනෙකු මැරීම, මරණ ලද සතුන් සන්තකයේ තබාගැනීම ආදී වශයෙන් චෝදනා ගොනුකොට තිබිණි.