මාර්ග නීති සම්බන්ධ දඩ මුදල් සංශෝධනය සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පොරොන්දු වූ බවත්, එම කමිටුව අද (05දා) හෝ හෙට (06දා) පත් කිරීමට නියමිත බවත් අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
දඩ මුදල් ඉහළ දැමීම යටතේ වමෙන් ඉස්සර කිරීම හා අධික වේගය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ බවත්, දඩ මුදල් ඉහළ යෑම අද හෙට සිදු නොවන දෙයක් බවට ජනාධිපතිවරයා පැවසූ බවත් එම සංගමයේ සභාපති විජිත කුමාර මහතා සඳහන් කළේය.
ඉහළ දැමූ දඩ මුදල් ඉවත් කරන ලෙසට බස් සංගම්, ත්රි‘රෝද රථ සංගම් සහ ලොරි රථ සංගම් එක්ව සිදුකළ වැඩ වර්ජනයට සමගාමීව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාවේදී මෙම පොරොන්දු ලබාදුන් බවද ඔහු පවසා සිටියේය.
දඩ මුදල් ඉහළ දැමීම සිදුකරනු ලබන්නේ සංගම්වලින් අදහස් ලබාගෙන සාකච්ඡා කිරීමෙන් පසුව බවත්, එලෙස සංගම්වල අදහස් ලබාගැනීම සඳහා මෙම කමිටුව පත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය. කමිටුව පත් කළ පසු සියලුම සංගම් තම අදහස් ලබාදීමට සූදානමින් සිටින බවද හෙතෙම පවසා සිටියේය.