මාර්ග අනතුරු වැළැක්වීම සඳහා දඩ මුදල් වැඩි කිරීම සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ විශේෂඥවරුන්ද සිය ප්‍රසාදය පළ කර සිටි බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති, වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා 'අද' ට පැවසීය.
සභාපතිවරයා පවසා සිටියේ 2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු වැළැක්වීම උදෙසා අන්ත්ජාතික වශයෙන් සම්බන්ධ වැඩසටහන් දියත් කිරීම සඳහා වූ සාකච්ඡාවක්ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ විශේෂඥවරුන් සමග පසුගියදා පැවැති බවයි.
ඊට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්යක්ෂවරයා ඇතුළු රටවල් 08 ක් නියෝජනය කරමින් විශේෂඥයන් සහභාගි වූ බවත්,ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු වැළැක්වීම සඳහා ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධව එහිදී විශේෂ යෝජනා ඉදිරිපත් වූ බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව, නීතිය සවිබලගැන්වීම,දඩ මුදල් ඉහළ දැමීම, රියදුරන් මෙන්ම පදිකයන්ද දැනුවත් කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියේ අඩුපාඩු මඟහරවා විධිමත් මාර්ග පද්ධතියක් සකස් කිරීම යනාදී යෝජනා ඉදිරිපත් වී ඇති බව පැවසේ.
වෛද්යසිසිර කෝදාගොඩ මහතා වැඩිදුරටත් 'අද' වෙත සඳහන් කර සිටියේ, මාර්ග නීති සවිබලගැන්වීම සඳහා මේ වනවිටත් නීතිඥ කණ්ඩායමක් සමග ප්‍රථම අදියරේ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.