දකුණේ කුඩා දරුවන් අතර පැතිර යන වෛරස් උණ ආසාධනය විමෙන් මියගිය දරුවන් සංඛ්‍යාව 15 දක්වා වැඩිවි තිබේ.
වෛරස් ආසාදනට ලක්විමෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩිසත්කාරක ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි අවුරුද්දක් හා මාස 11ක තවත් පිරිමි දරුවෙකු ඊයේ (03දා) රාත්‍රි මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
පෙරේදා (03) රාත්‍රි 8.00 පමණ මෙම දරුවා මියගොස් ඇති අතර ඔහු මාවුල්දෙණිය ,කොළවෙනිගම, දෙනියාය ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. වැඩිම දරුවන් සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම දරුවන් සංඛ්‍යාව 09 දෙනෙකි. ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල කුඩා දරුවන් තිදෙනා බැගින් මිය ගොස් ඇත.
මේ පිළිබද කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් අප කළ විමසුමකදි ඔහු සඳහන් කළේ කුඩා දරුවෙකු මියගොස් ඇති බවට තමන්ටද වාර්තා වි ඇති බවයි. මිය යන දරුවන් සංඛ්‍යාව වසන් කිරිමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව පවසන රෝහල් අධ්‍යක්ෂකවරයා මියගිය දරුවන් දකුණු පළාතේ විවිධ ප්‍රදේශවලින් වෛරස් ආසාදනයට ලක්විමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් වු දරුවන් බවද සඳහන් කළේය.