ආරක්ෂක අංශයෙන්ගේ සහාය ඇතිව දකුණේ ධීවරයන් උතුරු මුහුදට පැමිණ නීතිවිරෝධී ආම්පන්න භාවිත කරමින් මසුන් අල්ලන බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පවසා ඇත.
මේ හරහා උතුරු ධීවරයන්ගේ ජීවිකාවට ගැටලුවක් ඇතිව තිබෙන බවත් මෙම ගැටලුව මේ වන විට උතුරු - දකුණු ගැටුමක් කරා ගමන් කරන හෙයින් තමන් මෙයට මැදිහත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.
මේ පිළිබඳව අවධානය යොමුකර ඇති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාතය විජිත් විජයමුණි සොයිසා මහතාට පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් වගකිවයුතු අංශ සමග සාකච්ඡා ආරම්භ කරන ලෙසයි.