දකුණු පළාතේ පැතිර යන උණ රෝගය පාලනය කිරීමට අවශ්‍ය ඖෂධ වර්ග ඇතුළු අනෙකුත් සියලු උපකරණ ටෙන්ඩර් පටිපාටියකින් තොරව මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
පසුගියදා ජනාධිපතිවරයා විසින් මෙම රෝගය පාලනයට සහ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින් සමග පැවති සාකච්ඡාවේදී කළ ප්‍රකාශය පරිදි ජනාධිපතිවරයා විසින් ඊයේ (31දා) අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබීය.
මේ අතර මෙම රෝග තත්ත්වය පාලනය සහ රෝගින්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් මුල්‍ය ප්‍රතිපාදන බාධාවක් කර නොගනමින් අවශ්‍ය සියලු පහසුකම් සළසන ලෙස ද ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය බලධාරින් වෙත උපදෙස් දී තිබේ.