දකුණේ පැතිර ගිය උණ රෝගයට හේතුව ඉන්ෆ්ලුවන්සා ඒ වෛරසය බව වෛද්‍ය පර්යේෂණායතනය සොයාගෙන තිබේ.
ගතවූ මාස කිහිපය තුළ දකුණේ වෛරස් උණ රෝගී තත්ත්වය කුඩා ළමයින් අතර ශීඝ්‍රයෙන් පැතිර ගිය අතර මේ වන විට ඒ හේතුවෙන් 15 දෙනෙකු මියගොස් තිබේ. ඒ අනුව එය වසංගත තත්ත්වයක් දක්වා පැතිර ගිය අතර මීට පෙර පරීක්ෂණවලින් නිගමනය වූයේ ඇඩිනෝ සහ ඉන්ෆ්ලුවන්සා වෛරසය හේතුවෙන් මෙම මරණ සිදුවූ බවයි.
කෙසේ නමුත් වෛද්‍ය පර්යේෂණ ආයතනය කළ පර්යේෂණවලදී මෙම උණ රෝගය ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරසයෙන් හටගත්තක් බව තහවුරු කරගෙන තිබේ.