පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙකු තම දියණියගේ දකුණුපාදයේආබාධයට කළ යුතු සැත්කමක් වම් පාදයටසිදුකර ඇතැයි පුද්ගලයෙකුඊයේ (01දා) පැමිණිල්ලක් ගොනුකළ බව පේරාදෙණිය පොලීසිය පවසයි.
අදාළ දැරියගේ දකුණුපාදයේ දණහිසේ ඇති වූ ඉදිමීමක්හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මතපසුගියදා (20දා) ඇය එම රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
එම විශේෂඥ වෛද්‍යවරයා විදේශ රටකට ගොස් ඇති බැවින් වෙනත් වෛද්‍යවරයෙකු විසින් ඊයේ දිනයේදී සැත්කම සිදුකර තිබේ.
කෙසේ වෙතත් දකුණුපාදයේ ආබාධයට වම් පාදයට සැත්කම කළේ ඇයිදැයි වෛද්‍යවරයාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ වම් පාදයේ සුළු සැත්කමක් කළ බවත්,තව දින තුනකින් දකුණු පාදයේද සැත්කම කරනතුරු දියණිය රෝහලේ නවතාතබන ලෙසත්ය.