දකුණුදිග තායිවානයට රික්ටර් පරිමාණ 6.4ක ප්රබල භූ කම්නයක් ඇති වී තිබේ.
ටයිටාන් නගරයට ආසන්නයෙන් මෙම භූ කම්පනය ඇති වී ඇති අතර, මේ හේතුවෙන් මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් ජීවිත හානි කිහිපයක් වාර්තා වෙයි.
එමෙන්ම, තවත් ගොඩනැගිලි රැසකට අලාභානි සිදුව ඇති බවද විදෙස් වාර්තා පවසයි.
මහල් 17කින් යුතු මහල් නිවාස සංකීර්ණය කඩා වැටීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූවන් අතර දින 10ක බිළිඳියකද වෙයි.
කෙසේ වෙතත්, ගොඩනැගිල්ල තුළ සිරවී සිටින සෙසු පිරිස් බේරාගැනීමට මේ වනවිටත් මෙහෙයුම් ක්රියාත්මක වන බව විදෙස් වාර්තා පවසයි.
අද අලුයම 4.00ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති අතර, මෙය එම කලාපයේ චන්ද්ර වර්ෂයේ උදාව සැමරෙන මෙහොතේ සිදුවූ විපතක් බවද කියැවෙයි.