මෙවර පළාත් සභා ඡන්ද විමසීමේදී ගාල්ල දිස්ත්රික්කයේ තහවුරු නොකළ අවසන් ප්රතිඵලය අනුව දකුණු පළාත් සභාවේ හිමිව තිබූ මන්ත්රීධුර 36 (බෝනස් මන්ත්රී ධුර 02 හැර ) න් මන්ත්රී ධුර 5ක් පාලක එක්සත් ජනතා සන්ධානයට අහිමි වී තිබේ.
හම්බන්තොට දිස්ත්රික්කයේ මන්ත්රීධුර 14 න් 08 ක් සන්ධානයට හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂයට මන්ත්රීධුර 04 ක් ද ජනතා විමුක්ති පෙරමුණට මන්ත්රීධුර 02 ක් ද හිමි විය. මෙවර හම්බන්තොට දිස්ත්රික්කය මන්ත්රීධුර 02 ක් වැඩි වුවද එම මන්ත්රීධුර 02 එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර බෙදී ගියේය.
2009 මැතිවරණයේ දී මාතර දිස්ත්රික්කයෙන් මන්ත්රීධුර 12 ක් දිනා ගැනීමට සන්ධානය සමත් වුවද මෙවර එය 10 ක් දක්වා අඩු විය. එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ මන්ත්රීධුර 05 න් ඔවුන්ට මෙවර හිමි වූයේ මන්ත්රීධුර 04 ක් පමණි. ජනතා විමුක්ති පෙරමුණ පැවති මන්ත්රීධුර ගණන 1 කින් වැඩි කරගනිමින් ආසන 02 ක් දිනා ගත් අතර ප්රජාතන්ත්රවාදී පක්ෂය පළමු වරට තරග කරමින් මාතර දිස්ත්රික්කයෙන් මන්ත්රීධුරයක් දිනා ගැනීමට සමත් විය. මෙවර මාතර සමස්ථ මන්ත්රීධුර ගණන පසුගිය වසරට වඩා එකකින් අඩු විය.
ගාල්ල දිස්ත්රික්කයෙන් සන්ධානය වැඩිම මන්ත්රී ධුර ප්රමාණයක් අහිමි වී තිබේ. 2009 මැතිවරණයෙන් මන්ත්රීධුර 16 ක් සන්ධානයට හිමි වූ අතර මෙවර එය 13 ක් දක්වා අඩු වී තිබේ. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ මන්ත්රී ධුර 06 ආරක්ෂා කරගෙන තිබේ. ප්රජාතන්ත්රවාදී පක්ෂය මන්ත්රී ධුර 02 ක් ලබාගෙන පැහැදිලි ජයග්රහණයක් ලබාගෙන තිබේ. ජනතා විමුක්ති පෙරමුණට මෙවරද ගාල්ල දිස්ත්රික්කයෙන් හිමිව ඇත්තේ එක් ආසනයකි.