දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා පිටවන ශ්‍රමිකයින් ගෙන් 6000 පමණ පිරිසක් සේවා ස්ථාන වලින් පැන නීති විරෝධීව රැඳී සිටින බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.
දකුණු කොරියාවේ රැකියා සඳහා ගොස් සේවා ස්ථානවලින් පැනයාම නිසා දෙරට අතර අත්සන් කළ රැකියා ගිවිසුමට අයහපත් අයුරින් බලපා තිබෙන බවද ඇය කියා සිටියාය.
මැලේසියාවේ රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයින්ට ගුවන් ටිකට්පත් ප්රදානය කිරීමේ අවස්ථාවට අමාත්‍යාංශයේදී එක්වෙමින් ඇය මේ බව පැවැසුවාය.