දකුණු කොරියාව සඳහා යැවෙන මෙරට ශ්‍රමිකයින් සංඛ්‍යාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව එකඟතාව පළ කර ඇති අතර දකුණු කොරියාවේ සංචාරයක නිරත විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.
මේ වන විටත් ශ්‍රි ලාංකිකයින් 42,000කට අධික පිරිසක් දකුණු කොරියාවේ සේවය කරමින් සිටින අතර මෙම ශ්‍රමිකයින් දෙරටේම ආර්ථිකයට ශක්තියක් වී ඇති බව දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.