දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මේ මස 15 වැනිදා සිට දකුණු පළාත් රෝහල්වල ඖෂධවේදීන්ගේ වැඩවර්ජනයක් සිදුකරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
මානුෂීය හේතූන් මත ගාල්ල මහමෝදර රෝහල තුළ මෙම වැඩවර්ජනය දියත් නොකරන බවද එම සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.
වර්ජනය සිදුවන කාලය තුළදී ඖෂධ නිකුත් කිරීම සිදුනොකරන බවත්, ගැටලුවට විසඳුම් ලැබෙන තෙක් මෙම වර්ජනය සිදුකරන බවද හෙතෙම පවසා සිටියේය.
තිස්සමහාරාම රෝහලේ සේවය කරන ඖෂධවේදියෙකු විධිමත් ලෙස හම්බන්තොට මහ රෝහලට මාරුකර තිබියදී අධ්යක්ෂවරයා විසින් එම මාරුව ක්‍රියාත්මක නොකර අදාළ ඖෂධවේදියා වෙනත් ස්ථානයකට මාරුකර යවා තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.