දකුණු ආසියාවේ විශාලතම කුඩු තොගයට නඩු නෑ
පසුගිය වසරේ අගෝස්තු මස 30 වැනිදා අත්අඩංගුවට ගත් දකුණු ආසියාවේ විශාලතම කුඩු තොගය සම්බන්ධයෙන් සහ නොවැම්බර් 05 වැනිදා අත්අඩංගුවට ගත් කුඩු කිලෝ 30 ත්, දෙසැම්බර් 31 වැනිදා හික්කඩුවේදී අත්අඩංගුවට ගත් කුඩු කිලෝග්රෑම් 10 හා මාර්තු මස 18 වැනිදා අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 36 සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව මෙතෙක් නඩු පවරා නොමැති බව වාර්තාවේ.
මෙහිදී දකුණු ආසියාවේ විශාලතම හෙරොයින් තොගය ලෙස හෙරොයින් කිලෝ 261 ක් අත්අඩංගුට ගත් බවට වාර්තාවූ අතර, පසුව පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් කුඩු තොගයේ හෙරොයින් ලෙස පැවතියේ කිලෝ ග්රෑම් 130 ක ප්රමාණයක් බවයි.
මෙම හෙරොයින් තොගය රේගුවෙන් මුදවාගැනීමට ලිපියක් නිකුත් කිරීමක් පිළිබඳව අගමැති දි.මු. ජයරත්න මහතාටද චෝදනා එල්ලවිය. මෙම සිද්ධියට අදාළව සැකකරුවන් හතරදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
