දකුණු ආසියානු රටවල් කිහිපයක් නියෝජනය කරමින් ජාතික ශිෂ්‍ය භට බළකායේ වාර්ෂිකව පැවැත්වෙන හර්මන්ලූස් කඳවුර සඳහා පැමිණෙන විදේශීය නිලධාරීන් හා විදේශ ශිෂ්‍ය භටයන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (13දා) මුණගැසිණි.
ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය, මාලදිවයින යන රටවලට අයත් මෙම නිලධාරීන් සහ ශිෂ්‍ය භටයන් හමුවූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙම වැඩසටහන සඳහා සහභාගීත්වය වෙනුවෙන් එම නිලධාරීන්ට හා ශිෂ්‍යභටයන්ට ප්‍රසාදය පළකළ අතර, වාර්ෂිකව පැවැත්වෙන මෙවැනි කඳවුරු මගින් වැදගත් අත්දැකීම් මෙන්ම රටවල් අතර අනන්‍ය අවබෝධය හා සුහදතාව ගොඩනැගෙන බව පැවසීය. වත්මන් රජය ජාතික ශිෂ්‍යභට බළකායේ කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම වැඩසටහන සඳහා සහභාගී වන රටවල් නියෝජනය කරමින් පැමිණි ආරක්ෂක ප්‍රධානීන් වෙත ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමරු සිහිවටන ප්රදානය මෙහිදී සිදුකෙරිණි.