දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකළ නව පිවිසුම් මාර්ගය වන පැල්පොළ පිවිසුම් මාර්ගය හෙට (08දා) විවෘත කිරීමට නියමිතය.
කළුතර, දොඩන්ගොඩ සහ ගැලනිගම පිවිසුම් මාර්ග අතර පැල්පොළ පිවිසුම් මාර්ගය ඉදිකර ඇති අතර, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මෙය විවෘත කිරීමට නියමිතය.
මාර්ග සංවර්ධන අධිකාරිය මගින් රුපියල් බිලියනයක වියදමින් මෙම නව පිවිසුම් මාර්ගය ඉදිකර ඇති අතර, හොරණ මිල්ලනියේ පිහිටි කර්මාන්තපුරයට ප්රවේශ වීම පහසු කිරීමේ අරමුණින් එය ඉදිකළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා පැවසීය.