දක්ෂිණ අධිවේගි මාර්ගයේ 91 සැතපුම් කණුව අසලදි අද (28දා) උදෑසන කතරගම වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් පුද්ගලික බස් රථයක රෝදයක එකවරම හුළංයාම නිසා වු අනතුරකින් බසයේ ගමන්ගත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇත.
රියදුරාට බසය පාලනය කරගැනිමට නොහැකි විමෙන් මෙම අනතුර වි ඇති බැව් පොලිසිය කියයි. තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.