දක්ෂිණ අධිවේගී මාර්ගයේදී පෙරලි ගිය සිමෙන්ති බවුසරක් ඉවත් කිරීම සදහා අද (08) පස්වරු 2.30ට පමණ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොත්මදූවේ සිට ගොඩගම දක්වා මාතර දෙසට දිවෙන කොටස පැය හතරක් පමණ වසා දැමිණි
මාතර සිට හම්බන්තොට වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා සිමෙන්ති රැගෙන එන බවුසරක් මෙසේ අනතුරට ලක්වූයේ ඊයේ (07දා) සවස් කාලයේදීය.
මෙම නඩත්තු කටයුතු හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොලඹ සිට පැමිණෙන වාහන කොත්මාදුවෙන් පිටව යායුතු බවත් මාතර සිට කොලඹ දක්වා ගමන් ගන්නා වාහන සඳහා අවහිරයක් ඇති නොවුණි.