දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක් මුදල් නොගෙවා පළායාමේ සිදුවීමක් ගොඩගමින් වාර්තාවෙයි.ගොඩගම පිටවීමේදොරටුව අබියසට අද (24දා) උදෑසන 5.20 ට පැමිණ ඇති මෙම වෑන් රථය පිටවීමේ දොරටුව අබියස නොනවත්වා පිටවීමේ දොරටුවද කඩා පළාගොස් ඇතැයි පොලීසිය කියයි.
මේ පිළිබඳව මාතර පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, අධිවේගයේ නිලධාරීන් පැවසුවේ මෙවැනි සිදුවීමක් වාර්තාවූයේ පළමු වතාවට බවයි.