දක්ෂිණ අධිවේගි මාර්ගයේ කුරුදුගහහැතැම්ම සිට වැලිපැන්න අතර ප්රදේශයේ කන්ටේනර් රථයක් අනතුරට ලක් ව පෙරළී ඇති බවත් එම රථය ඉවත්කීරීමට කටයුතු කිරීමත් හේතුවෙන් හෙට අලුයම 1.00 සිට අලුයම තුන දක්වා දකුණු අධිවේගයේ කොටසක් වසා තැබෙන බව පොලීසිය කියයි.
ඒ අනුව කුරුදුගහහැතැම්ම සිට වැලිපැන්න අතර මාර්ගය වසා තබන බවත් බද්දේගම, පින්නදුව, ඉමදුව, කොක්මාදුව සහ ගෙඩගම පොලිස් පිවිසුම් දොරටු වලින් කොළඹට ගමන් ගන්නා වාහන සඳහා විකල්ප මාර්ග වශයෙන් කුරුඳුගහහැතැම්ම පිවිසුමෙන් පිටව ඇල්පිටිය, ඌරගහ, බෙන්තොට, අලුත්ගම හරහා
වැලිපැන්නට ගොස් වැලිපැන්න පිවිසුමෙන් නැවත දක්ෂිණ අධිවේගි මාරගයට ඇතුල් විය හැකි බව පොලීසිය කියයි.