දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන බර වාහන කොළඹ දෙස සිට මාතර ගමන් කරන විට පින්නදූව පිටවීමේ මාර්ගයෙන් පිටවන ලෙසත් මාතර සිට පැමිණෙන බර වාහන පින්නදූව පිවිසුමෙන් ඇතුළත් වන ලෙසත් අධිවේගී මාර්ග අධ්යක්ෂක එස්. ඕපනායක මහතා ඉල්ලා සිටියි.
සැහැල්ලු වාහන කොළඹ සිට මාතර දෙසට ගමන් කිරීමේදී ඉමදූව පිවිසුමෙන් පිටවී යාමට හැකි බවත්, මාතර සිට පැමිණෙන සැහැල්ලු වාහන ඉමදූව පිවිසුමෙන් ඇතුළු විය හැකි බවද ඒ මහතා පවසා සිටියේය.
ඉමදූව පිවිසුමේ සිට මාතර දෙසට ඇති මාර්ගය දෙපස පස් කඳු කඩා වැටීමේ අවදානම නිසා තාවකාලිකව මෙම කටයුත්ත සිදුකරන ලෙසද රියදුන්ගෙන් ඉල්ලා සිටී.