ප්‍රවාහන සේවාව දියුණු මට්ටමක පවතින බස්නාහිර හා දකුණු පළාත්වල ගිලන් රථ සේවයක් පළමුව ආරම්භ කරන්නේ මන්දැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ප්‍රශ්න කරයි.
එමෙන්ම මෙම ගිලන් රථ සේවාව ආරම්භ කිරීමට කටයුතු කරන ඉන්දියානු සමාගම ස්වාධීන ආයතනයක් බවත් ඒ අනූව මෙම සේවාව අධීක්ෂණයට සිටින්නේ ශ්‍රී ලංකාවෙන් සිව්දෙනෙකු බවත්, එම ගිලන් සේවාවේ වැඩ කිරීම සඳහා පැමිණෙන ඉන්දියානුවන් රැකියා වීසා ඉල්ලා සිටීම ප්‍රශ්නයක් බවත්, එම සංගමයේ නලින්ද හේරත් ලේකම් පැවසීය.