විරෝධතාකරුවන් පිරිසක් විසින් ලබුදූව දක්ෂිණපායේ පුද්ගලික ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිට හා ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අද (07දා) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව අක්මීමන පොලීසිය සඳහන් කරයි.
අක්මීමන කපුහෙම්පල නන්දිමිත්ර විද්‍යාලයේ භූමියේ කොටසක් පුද්ගලයෙකුට පවරාදීමට එරෙහිව අද විරෝධතාවයක් පැවැති අතර, එහිදී විරෝධතාකරුවන් ලබුදූව දක්ෂිණපායට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ මෙම කලහකාරී තත්ත්වය ඇතිවී තිබේ.
එහිදී විරෝධතාවයට එක්ව සිටි පිරිසක් විසින් පහර දීමෙන් තුවාල ලැබූ බව කියන ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිවරයා හා ආරක්ෂක නිලධාරියා කරාපිටිය රෝහලට ඇතුළත්ව ප්‍රථිකාර ලබන අතර, මෙම පහරදීමට සම්බන්ධ තවත් පුද්ගලයන් පිරිසක් හඳුනාගෙන ඇති බවද අක්මීමන පොලීසිය පවසයි.
මෙම පාසල් භූමියේ කොටසක් පුද්ගලයෙකුට පවරාදීමට එරෙහිව එම විද්‍යාලයේ දෙමාපියන්, ආදි සිසුන් හා ප්‍රදේශ වාසීන්ගේ සහභාගිත්වයෙන් විරෝධතාව පැවැත්විණි. විරෝධතාකරුවන් පවසන්නේ මෙකී පවරාදීම වහා අවලංගු කරන ලෙසයි.
විරෝධතාකරුවන් දක්ෂිණපායේ පිහිටි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පාගමනින් පැමිණ විරෝධතාවය දැක්වීය.
මේ සඳහා සන්ධානයේ මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ, දකුණු පළාත් සභා මන්ත්‍රී චානක මාදුගොඩ, හිටපු ජ.වි.පේ මන්ත්‍රී රත්න ගමගේ, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රේමලාල් අබේසේකර ඇතුළු ප්‍රාදේශීය සභා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක්ද මෙම විරෝධතාවයට එක්ව සිටියහ.
ගාල්ල - ලලිත් රුහුණගේ/ කේ.ඒ.එස්.කුමාර